ඉදිරි ජනපතිවරණය සදහා ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා සිදු කරනු ලබන වියදම මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇස්තමේන්තු කර තිබෙනවා.
ඒ අනුව පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 1518 ක් පමණ වන බවත් එමෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් රුපියල් මිලියන 1422 වියදම් කර තිබෙන බවත් ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් රුපියල් මිලියන 160 ක මුදලක් වියදම් කර තිබෙන බවට ඒම මධ්‍යස්ථානය ඇස්තමේන්තු කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 10 දක්වා ප්‍රචාරණයට සහ රැස්වීම් වලට අදාලවයි මෙය ඉදිරිපත් කර ඇත්තේ.