News Line| Off Air| Games
Generic placeholder image

Jul
10

ටික් ටොක් සමගම හොංකොං හි සියලු මෙහෙයුම් නවතා දමයි

1295 Views


ටික් ටොක් සමගම හොංකොං හි සියලු මෙහෙයුම් නවතා දමයි

මෙම නිවේදනය ටික් ටොක් වෙබ් අඩවියේ සටහන් කරමින් පවසා ඇත්තේ චීනය හොංකොං නගරයට නව ආරක්ෂක නීතියක් පැනවීමෙන් පසුව මෙම සතිය මුලදී සමාගම මෙම පියවර ගත් බවයි.

වෙනත් සමාජ මාධ්‍ය සමාගම් වන ෆේස්බුක් සහ ට්විටර් ද හොංකොං හි මෙහෙයුම් සමාලෝචනය කරමින් සිටී. ටික්ටොක් එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල පරීක්ෂාවට ලක්ව ඇත්තේ චීන බලධාරීන් සමඟ පරිශීලක දත්ත හුවමාරු කර ගත හැකි බව මත පල කරමිනි. ගෝලීය ප්‍රේක්ෂකයින් අතරට පැමිණීම අරමුණු කොට මෙම යෙදුම චීනයේ ප්‍රධාන භූමියෙන් පිටත බීජිං පදනම් කරගත් බයිට් ඩෑන්ස් සමගම විසින් දියත් කර ඇත. ටික් ටොක් අඩවියේ ප්‍රකාශකයෙකු පැවසුවේ සිකුරාදා ටික්ටොක් නව ව්‍යාපාර ව්‍යුහයක් යටතට පත්විය හැකි බවයි. ටික්ටොක් පරිශීලක දත්ත චීන බලධාරීන් සමඟ බෙදා ගැනීම පිලිබඳ චෝදනා බයිට් ඩෑන්ස් විසින් ප්‍රතික්ෂේප කරන බවට ඔහු මීට පෙර දුන් පොරොන්දු නැවත අවධාරණය කරමින් ප්‍රකාශ කර ඇත.(“අපි කිසි විටෙකත් චීන රජයට පරිශීලක දත්ත ලබා දී නැත. ඉල්ලා සිටියත් අපි එසේ නොකරන්නෙමු.”)

ගෝලීය කොරෝනා වයිරස් අගුලු දැමීමේදී ටික්ටොක් ජනප්‍රියත්වය ඉහළ නංවා ගෙන ඇති අතර මේ වසරේ මුල් මාස තුන තුළ මිලියන 315 ක ජනතාවක් මෙම යෙදුම බාගත කර ඇති බව පර්යේෂණ ආයතනයක් වන සෙන්සර් ටවර් පවසයි.එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෑතකදී යෝජනා කර ඇත්තේ යෙදුමේ මූලස්ථානය චීනයේ පවතින බැවින් එහි දත්ත සහ රහස්‍යතා ප්‍රතිපත්ති පිළිබඳව වැඩි විමර්ෂණයක් කළ යුතු බවයි. පොම්පියෝ මහතා රාජ්‍ය දෙපාර්තමේන්තු සේවකයින්ට යෙදුම බාගත කිරීම තහනම් කර ඇති අතර එක්සත් ජනපදයේ ද යෙදුම තහනම් කළ හැකි යැයි යෝජනා කර තිබේ. කෙසේ වෙතත්, එය ආරක්ෂක අවදානමක් නියෝජනය කරන බව සමාගම ප්‍රතික්ෂේප කළේය.

ටික්ටොක් මෙහෙයවනු ලබන්නේ ඇමරිකානු ප්‍රධාන විධායක නිලධාරියෙකු වන ලොස් ඇන්ජලීස් හි හිටපු ඩිස්නි විධායක කෙවින් මේයර් විසිනි.


News Articles
Latest Videos
Most Popular Post