ලෝකයේ බොහෝ ස්ථාන වල පැතිරගිය මහා ලැව්ගිනි පිලිබදව අසන්නට ලැබුණු අවස්ථා ඉමහත්ය. ඒ අතර මේ ඉකුත්දා අපට දැනගන්නට ලැබුණු ඔස්ට්‍රේලියාවේ පැතිරගිය මහා ලැව්ගිනි පිලිබදව නැවත වරක් ලෝකයාගේ අවධානය යොමු වුණා.
ඔස්ට්‍රේලියාවේ පැතිරගිය මහා ලැව්ගිනි හේතුවෙන් මිනිස් ජිවිත හා සතුන් විශාල ප්‍රමාණයක් මියගිය අතර අක්කර මිලියන ගණනක් දැවී විනාශ වුණා.
ඒ අනුව ඔස්ට්‍රේලියාව පුරා පැතිර ගිය දැවැන්ත ලැව්ගිනි තුලින් නිකුත්වූ දුමාරය පෘථිවියේ අපරිවර්තී ගෝලයට ඇතුල්වී තිබෙන බව නාසා ආයතනය සදහන් කරනවා. දුමාරය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් දාහතයි දශම හතක පමණ ඉහළකට ගොස් ඇති බව නාසා ආයතනය වැඩි දුරටත් සදහන් කරනවා.
අපරිවර්තී ගෝලයට ඇතුල්වූ පසුව දුමාරයට සැතපුම් දහස් ගණනක් දුර පැතිර යන බවද ලැව්ගිනිවලින් නිකුත්වූ දුමාරය නිසා පෘථිවිය වටා සම්පූර්ණ කවයක් නිර්මාණය කරමින් පැතිර යනු ඇති බවටද එම ආයතනය අනතුරු අගවා තිබෙනවා. ඒ හේතුවෙන් ගෝලීය උෂ්ණත්වයට බලපෑම් ඇති කරන බවත් ගෝලීය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරනු ඇති බවත් පැවසෙනවා.