News Line| Off Air| Games
Generic placeholder image

Jun
17

කවුද මේ අරුම පුදුම සොෆියා ?

5095 Views


කවුද මේ අරුම පුදුම සොෆියා ?

Hanson Robotics සමාගම විසින් හඳුන්වා දුන් මිනිස් පෙනුමට බෙහෙවින්ම සමාන සොෆියා විසින් (Sophia) කෘතීම බුද්ධියේ (AI – Artificial Intelligence) අනාගත සිහින වලට නව මං පෙත් විවර කර ඇත. විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ කලාත්මකත්වයේ අද්විතීය සංයෝජනයක් ලෙස සොෆියා එකවරම AI සහ රොබෝ තාක්ෂණයන්හි අනාගතය නිරූපණය කරන මිනිසා විසින් නිෂ්පාදිත විද්‍යා ප්‍රබන්ධ චරිතයක් වන අතර උසස් රොබෝ විද්‍යාව සහ AI පර්යේෂණ සඳහා වේදිකාවක් වේ. 

සොෆියා වඩාත් අවදානයට ලක් වුයේ ලොව ප්‍රථම වරට පුරවැසිභාවයක් ලද රෝබෝවරිය වීම හේතුවෙනි. ඇය මුලින්ම 2016 මාර්තු මාසයේ southwest ප්‍රදර්ශනයේ ලෝකයා අමතන ලද අතර ඇයට එයින් මාධ්‍ය ආකර්ෂණයක් හිමි විය. ඉන්පසු ඇය එක්සත් ජාතීන්  හා jimmy fallon ප්‍රදර්ශනයේද අයගේ දක්ෂතා ප්‍රදර්ශනය කර තිබෙනවා. ඉන්පසු 2017 වසරේ සවුදි අරාබියේ future investment initiative ප්‍රදර්ශනයේදී  ඇය කථිකයෙකු ලෙස එම සමුළුව අමතා ඇති අතර ඇයගේ ආකර්ශනීය හැකියාවන් එහිදී අපූරු ලෙස විදහා දක්වන ලදී.

මුහුණේ ඉරියවු වල පූර්ණ පරාසයක් සජීවීකරණය කිරීමට සොෆියාට හැකි අතර, මුහුණු නිරීක්ෂණය කිරීමට, හඳුනා ගැනීමට, ස්වභාවික ලෙස මිනිසුන් දෙස බැලීමට හා සංවාද කිරීමටද හැකියාව ඇත.

කෙසේ නමුත් සොෆියා රොබෝ තාක්ෂණයට නව බලාපොරොත්තු රැසක් මේ වන විට එක කර ඇති අතර ඇය සතුව ඇගේම වෙබ් අඩවියක්ද ඇත. අවසානයේ  ඇය ලද හොඳම අවස්ථාව වනුයේ ලොව පළමු වරට පුරවැසිභාවයක් ලද රෝබෝවරිය වීමයි.


News Articles
Latest Videos
Most Popular Post