ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තෑගි මුදල ලබා දීමට මෙවර ලෝක කුසලානයේදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 4ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙනවා. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 70ක් පමණ මුදලක්.
පසුගිය 2015 වසරේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වූ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3.75 ක්.
මෙවර තරගාවලිය පුරා කණ්ඩායම් අතර බෙදා දීමට නියමිත මුළු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10ක් වන අතර එහිදී අනු ශූරතාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක්ද, අවසන් පූර්ව තරගවලදී පරාජය වන කණ්ඩායම් සඳහා ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 8 ක් බැගින්ද මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතයි.තරගාවලියේ එකම තරගයක් හෝ ජයගැනීමට අපොහොසත් වන කණ්ඩායමකට ඩොලර් ලක්‍ෂයක් (රුපියල් ලක්‍ෂ 175 ක්) හිමිවෙන අතර ඊට අමතරව මූලික වටයේ තරගයක් ජයගන්නා සෑම කණ්ඩායමකටම ඩොලර් 40,000 ක් (රුපියල් ලක්‍ෂ 70 ක්) බැගින් ත්‍යාග මුදල් ලබා දීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ලෝක කුසලාන තරගාවලිය එලබෙන 30 වෙනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි.