News Line| Off Air| Games
Generic placeholder image

Feb
24

අද සිට ජිනීවා සැසිවාරය ආරම්භ වෙයි

546 Views


අද සිට ජිනීවා සැසිවාරය ආරම්භ වෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසිවාරය අද (24) ආරම්භ වෙයි.

අද දිනයේ සිට ලබන මාර්තු 20 වන දින දක්වා ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සැසිවාරය පැවැත්වීමට නියමිතයි.

මෙවර මානව හිමිකම් ‍කවුන්සිලයේ 43 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිතව තිබේ.

එම කරුණු දැක්වීම පෙබරවාරි 27 වන දින සිදුකිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කළේය.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ සබඳතා අමාත්‍යර දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගි විමට නියමිතයි.

ඒ අනුව අමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිස හෙට (25) දිනයේ දිවයිනෙන් පිටවීමට නියමිත අතර එළඹෙන 26 වනදා අමාත්‍යවරයා මානව හිමිකම් මණ්ඩලය අමතනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post