සුනඛයෙක් මුදාගැනීමට කළ දැවැන්ත මෙහෙයුමක් පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
ඔස්ට්‍රේලියාවේ බෙල්ස් බීච් (Bells Beach) නගරයේ ප්‍රපාතයක සිරවූ සුනඛයෙක් බේරාගැනීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් මැදිහත් වී දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර බෝඩර් කොලී වර්ගයේ ජිමී නම් එම සුනඛයා බේරා ගැනීමට පැය තුනක් මහත් පරිශ්‍රමයක් දැරීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට සිදු වී තිබෙනවා.
මෙය ඉතාමත් අවදානම් මෙහෙයුමක් වීම හේතුවෙන් ඊට හදිසි සේවා නිලධාරීන් සහ ගිනි නිවීම් සේවා නිලධාරීන්ගේ සහය ලැබී ඇති බව සදහන්.
ප්‍රපාතයේ මීටර් 15ක් පහළට බැස සුනඛයා මුදාගෙන ආරක්ෂිතව පිටතට රැගෙන ඒමට සහන සේවකයෙක් කටයුතු කර තිබෙනවා.
මෙහෙයුම අවසානයේ සුනඛයා හිමිකරුවන්ට භාර කිරීමට සහන කණ්ඩායම් පියවර ගත් අතර එම අවස්ථාව සියලු දෙනාටම මහත් අස්වැසිල්ලක් වූ බව විදෙස් වාර්තා සඳහන් කළා.