News Line| Off Air| Games
Generic placeholder image

Mar
22

මොකද්ද මේ ඩවුන් සින්ඩ්‍රෝම් ?

598 Views


මොකද්ද මේ ඩවුන් සින්ඩ්‍රෝම් ?

අපේ ශරීර සෛලවල ඇති වර්ණදේහවල උපතින්ම සිදුවන වෙනස්කම් නිසා රෝග ලක්ෂණ ගණනාවක් සහිත සුවිශේෂී දරුවො බිහිවෙනවා. ඒ රෝග ලක්ෂණවල එකතුවක් තමයි ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නෙ.

ඩවුන් සින්ඩ්‍රෝම් රෝග ලක්ෂණ මොනවද ?

ඇස් ඉහළට ඇල වී ගිය ස්වභාවයක් පෙන්වයි.
ඇසේ කළු ඉංගිරියාවේ සුදු තිත් ඇති වේ.
කණ ඇස් මට්ටමට වඩා පහළින් පිහිටයි.
මස් වඩාත් පිඬු, ලිහිල් වේ.
කුඩා මුඛයක් සමඟ දිව ඉදිරියට නෙරා පිහිටයි.
තැලුණු නාස් දණ්ඩක් ඇත.
අතේ තනි රේඛවක් පවතී.
පාදයේ මහපටැඟිල්ල හා දෙවෙනි ඇඟිල්ල අතර පරතරය වැඩිය.
හදවතේ ආබාධ තත්ත්වයන් ඇති වේ.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම.
රාත්‍රියේ දී නින්ද නොයෑම.
උපන් විගස වමනය යෑම.
ශරීර ආසාදන ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය.
ශ්‍රවණ ආබාධ ඇතිවීම.
ප්‍රතිශක්තිකරණය අවම වේ.
දන්ත රෝගවලට ගොදුරු වේ.
මතක ශක්තිය දුර්වල ය.
දරුවන් බිහිකිරීමේ හැකියාව අවමය.
පිළිකා රෝගයට ගොදුරු විය හැකිය.

මෙවන් ලක්ෂණ සහිත දරුවන් හා වැඩිහිටියන් ප්‍රතිකර්ම හා සායන වෙත යොමු කරවීම වැදගත්. අනාගතයේ එවන් දරුවන් බිහි නොවීමට අවශ්‍ය පසුබිම
නිර්මාණය කිරීමට සෑම පුරවැසියෙකුම වග බලාගත යුතුයි.

එමෙන්ම අදාළ විද්‍යාත්මක පර්යේෂණ පුළුල් කිරීමට බලධාරීන් සක්‍රීය වීම ද අතිශය වැදගත්.

පී.එම්.දිනුක මධුෂාන්


News Articles
Latest Videos
Most Popular Post