News Line| Off Air| Games
Generic placeholder image

Sep
11

අකිල අද ජනපති කොමිසමට

427 Views


අකිල අද ජනපති කොමිසමට

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රජයේ වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අද කැදවා තිබෙනවා.ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්ෂ අයි එම් කේ බී ඉලංගසිංහ මහතාට එරෙහි විනය පරීක්ෂණය පිළිබදව ලැබී ඇති පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසීම සදහායි.

අමාත්‍යවරයාගේ ජායාරූප පාසල් පෙළ පොත් වල මුද්‍රණය කිරීම සම්භන්ධයෙන් වූ පැමිණිල්ලට අදාළව අයි එම් කේ බී ඉලංගසිංහ මහතා සාක්ෂි ලබා දී තිබුණා. ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතායි.
මන්ත‍්‍රීවරයා කැඳවා තිබුනේ රාජගිරිය ප‍්‍රදේශයේ කෘෂිකර්ම අමාතයාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල සම්බන්ධ පැමිණිල්ලට සාක්ෂි ලබා ගැනීම සදහායි. එම ගොඩනැගිල්ල ලබා ගැනීමට අදාළ සියලූ කටයුතු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සම්පාදනය කල බවයි මන්ත‍්‍රීවරයා ජනාධිපති කොමිසම හමුවේ ප‍්‍රකාශ කළේ.

2015 වසරේ ජනවාරි මස 14 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් මස 31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවු දුෂණ වංචා සෙවීම සදහා ජනාධිපතිතුමා විසින් මෙම කොමිසම පත් කළා.


News Articles
Latest Videos
Most Popular Post