News Line| Off Air| Games
Generic placeholder image

Sep
16

අගමැති අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

506 Views


අගමැති අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැදවා තිබෙනවා.
ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ පෙරවරු 9ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි.

කෘෂි කර්ම අමාත්‍යංශය පවතිවාගෙන යාම සදහා රාජගිරිය ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් අධික බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව මෙම කැදවීම සිදු කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ හිටපු කෘෂි කර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතායි.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ද අද රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවට කැදවා තිබෙනවා.
ඒ එම අධිකාරියට සේවකයින් බඳවා ගැනීමේදි සිදුවු අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී මෙම අක‍්‍රමිකතාව සිදුව ඇති බවට කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post