News Line| Off Air| Games
Generic placeholder image

Apr
5

අගවිනිසුරු නලින් පෙරේරා සිය ධුරයෙන් විශ්‍රාම යයි

426 Views


අගවිනිසුරු නලින් පෙරේරා සිය ධුරයෙන් විශ්‍රාම යයි

අගවිනිසුරු නලින් පෙරේරා මහතා මෙම මස 28 වෙනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිඛෙනවා. ඒ වෙනුවෙන් අද (05) දිනයේ ශ්‍රෙෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අගවිනිසුරුවරයා වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 12 වෙනිදා මෙරට 46 වන අගවිනිසුරු ලෙස දිවුරුම් දුන් නලින් පෙරේරා මහතා මෙරට අධිකරණ ඉතිහාසයේ ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදුන් අගවිනිසුරුවරයෙක් ද වනවා.

ඒ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ඉකුත් නොවැම්බර් මස 10 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් විභාගයේ මුලසුන හොබවමින් එම ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරමින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව නිසාවෙනි.

නීතිඥවරයෙක් වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයෙක් වශයෙන් සිය විනිසුරු දිවිය ආරම්භ කළ වත්මන් අගවිනිසුරුවරයා මෙරට අධිකරණ ඉතිහාසයේ සිටින අත්දැකීම් බහුල විනිසුරුවරයෙක් ද වනවා.


News Articles
Latest Videos
Most Popular Post