News Line| Off Air| Games
Generic placeholder image

Feb
28

අඩු ආදායම් ලාභී මන්ත්‍රීවරුන් ගැන මට දුකයි – වාසු

1403 Views


අඩු ආදායම් ලාභී මන්ත්‍රීවරුන් ගැන මට දුකයි – වාසු

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉතාම අඩු අදායම් ලබන අය බවත් ඔවුන් පිළිබඳව තමන්ට කනගාටුවක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වාහන දීමනාව ඇතැම් මන්ත්‍රිවරන්ට ඉන්ධන ලබාගැනීමටවත් ප්‍රමාණවත් නොමැති බව ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් ලබාදෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය පිළිබඳව ඔහුට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“වාහන බදු රහිතව මන්ත්‍රීවරුන්ට ලබාදෙන්න තීන්දු කළේ 1977න් පස්සේ. 70 අපි පාර්ලිමේන්තු ගියාම සහනයක් තිබුණා ආණ්ඩුවේ ගබඩාවෙන් පාවිච්චි කළ වාහනයක් මිලදි ගන්න. ඒ තක්සේරු මිලකට.

මන්ත්‍රී වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නෑ ඔවුන්ගේ කටයුතු කරන්න. මන්ත්‍රීවරුන්ට අවශ්‍යයි ගමනා ගමන් පහසුකම්. මන්ත්‍රීවරයෙක් මැදි ආදායම් ලබන කෙනෙක් නම් විශාල මුදලක් වැය කරලා වාහනයක් ගන්න බෑ. ඒ නිසා බදු විරහිත වාහනයක් දුන්නොත් මන්ත්‍රීවරයෙක්ට පුළුවන් ඒ වාහනය ගන්න සමහරවිට බැංකුවකිනුත් ණයක් අරගෙන.

ඔය රාමුව තුළ මුලින්ම තිබුණෙ දේ තමයි වාහන තමන් භාවිත කරනවා හැර විකුණන්න බෑ. කවුරුවත් වාහනය විකුණුවේ නෑ බුක්තිය විකුණුවා. පාවිච්චි කරන්න අයිතිය දුන්නා. මම වාහන රජයේ ගබඩාවෙන් ගත්තා. දෙවැනුව බදු විරහිත වාහනයේ හිමිකම ගත්තා. මම භුක්තිය කෙනෙකුට දීලා මම සල්ලි ගත්තා. ඒ සල්ලි මගේ පක්ෂයට බැර කළා. මට ප්‍රමාණවත් වාහනයක් ගන්න මුදලක් ඉතිරි කර ගත්තා. මම පෞද්ගලික ලාභයක් එකතු කර ගත්තේ නෑ.

අන්තිමට තීන්දුවක් ආවා වාහන වල අයිතිය විකුණනන්ත් ලාභයක් ගන්නත් පුළුවන් කියලා. සමහර මන්ත්‍රීවරු ඉතාම අඩු ආදායම් තිබෙන අය. සමහර මන්ත්‍රීවරුන්ට මට ඉතාම දුකයි ඇත්තටම වියදම මදි. අපිට දෙනවා රුපියල් 50000ක් වාහන වියදම් කියලා, ඒක මදි තෙල්ගන්නවත් ඒ අය එන දුර ප්‍රමාණය බැලුවාම. ඒ අයගේ ජීවිතය අඩු තලයක තිබෙන්නේ. ඒ අය ගැන මට ගොඩක් වෙලාවට දුක හිතෙනවා.”


News Articles
Latest Videos
Most Popular Post