News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

අතුරු සම්මත ගිණුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි

718 Views


අතුරු සම්මත ගිණුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි

ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට අප්‍රේල් මස 30 වනදා දක්වා පළමු මාස 04 ට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කාලය තුළ රජයේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ අරමුණින් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ලබනවා.

නොවැම්බර් 16 වනදා ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් ලබන වසර සදහා විසර්ජන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා තෙක් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post