News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

අධිවේගි මාර්ග වල ආරක්ෂාව වෙනුවෙන් STF සහය

805 Views


අධිවේගි මාර්ග වල ආරක්ෂාව වෙනුවෙන් STF සහය

අධිවේගි මාර්ග වල ආරක්ෂාව වෙනුවෙන් පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනෙවා. අධිවේගි මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කලේ උත්සව සමයේදි අධිවේගී මාර්ග වල වාහන වැඩි සංඛ්‍යාවක් ගමන් ගන්නා බැවින් ජනතාවගේ ආරක්ෂාව සදාහ මෙම පියවර ගත් බවයි.

මාර්ග තදබදය අවම කිරීමට අතිරේක දොරටු විවෘත කර තිබෙනවා. කාර්මික දෝෂයන්ට ලක් වන වාහන ඉවත් කිරීමට කිලෝමිටර් 30න් 30ට වාහන යොදවා ඇති බවයි අධිවේගි මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය පැවසුවේ.

මේ අතර උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ඊයේ ආරම්භ වුණා. ලබන 18 වන දින දක්වා මෙම සේවාව ක්‍රියාත්මක බවයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ.

මීට සමගාමීව ලබන 10 වනදා සිට 17 වනදා දක්වා විශේෂ දුම්රිය සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන්ලබන 21 වනදා තෙක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්ගේ නිවාඩු සීමාකර ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post