News Line| Off Air| Games
Generic placeholder image

Oct
31

අභීගෙන් ආදරණීය සටහනක්

209 Views


අභීගෙන් ආදරණීය සටහනක්

අභිෂේකා විමලවීර කියන්නේ ඔබ කවුරුත් ආදරය කරන සුන්දර ගායිකාවක්.

ඇය වෙනස්ම ආකාරයේ ගී නිර්මාණ කරන දක්ෂ කෙනෙක් .

ඒ වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීය චරිතයක් .

ඇයට ගීත ගයන හැකියාව වගේම අපූරු ලිවීමේ හැකියාව ද තියෙනවා.

පසුගිය දිනකද ඇය ආදරණීය සටහනක් මුහුණු පොතේ පල කර තිබුණා. ඒ ඇ‌ගේ දියණිය පිළිබඳවයි,

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,

මගේ මැණික…

මං දන්නවා මං ඔයාව මට පුළුවන් විදියට බලා ගන්නවා.ඒත් මට වෙලාවකට හිතෙනවා අම්මා කෙනෙක් වගේ මාව බලාගන්නෙ ඔයා කියලා.

අම්මි…ඔය ඇදුම අදින්න එපා, ඒ lipstick colour එක කැතයි, ඔයා ඒකට යන්න , මට පුළුවන් තනියම ඉන්න,බෙහෙත් බොන්න,කන්න,ඔච්චර phone එකේ ඉන්න එපා නිදා ගන්න, අම්මි ..මාව බදා ගන්න,අම්මි..ඉස්කෝලෙන් මාව ගන්න එන්න.

අනේ මගේ පණ්ඩිත කෙල්ල.

රණ්ඩු වෙන්න,යාළු වෙන්න,ඉඹින්න,බෙදා ගන්න,බදා ගන්න,ගමන් යන්න ,ලස්සන ලස්සන ඇදුම් තෝරන්න,තෝරල දෙන්න, කවන්න,මට පරිස්සම් කරන්න,මාව පරිස්සම් කරන්න මට ඉන්න මගේ එකම එක මැණික.

කවුරු හරි මගෙන් ජීවිතේ ගත්ත හොදම තීරණය මොකද්ද කියල ඇහුවොත් මං කියන්නෙ මගෙ සුරංගනාවි මේ ලෝකෙට ගෙනාපු එක කියල..

ඔයා මාව බලා ගන්න තරම් නම් බැරි වෙයි.ඒත් මැරුණත් ළග ඉන්නවා රත්තරං…..

අම්මී……


News Articles
Latest Videos
Most Popular Post