News Line| Off Air| Games
Generic placeholder image

Mar
13

අයවැයේ ප්‍රතිචාර සියයට 60ක් ධනාත්මකයි

411 Views


අයවැයේ ප්‍රතිචාර සියයට 60ක් ධනාත්මකයි

අයවැය 2019 සදහා සියයට 60ක පමණ ධනාත්මක ප්‍රතිචාර හිමිව ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. විජය පුවත්පත් සමාගමේ ඩේලි එෆ්ටී පුවත්පත සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල ගෙනහැර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීමත් විශේෂත්වයකි.

“මේ තමයි ජනතාවගේ පොදු අදහස වෙන්නේ. මේ අයවැය ඡන්ද අයවැයක් නෙමෙයි සංවේදී අයවැයක්. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න, අයවැය යෝජනා වහාම ක්‍රියාත්මක කරන්නයි ඕනේ.”

ඒ අනුව මේ යෝජනා යථාර්ථයක් බවට පත් කිරීම සදහා දැනටමත් වැඩකටයුතු ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

“අප්‍රේල් 05 වැනිදා මේ අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වුණායින් පස්සේ තමයි මේ මුදල් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මේ වසරේ තව ඉදිරි වෙලා තියෙන්නේ මාස 7යි. මේ ටික කාලයේදී අපි ඉදිරිපත් කළ සියලු යෝජනාවලින් වැඩි කොටසක් කරන්නේ කොහොමද කියන දේ අපි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ කටයුතු ඉක්මණින් කළ හැකි කුඩා කණ්ඩායම් කිහිපයක් අපි පත් කරගන්නවා.” අමාත්‍යවරයා සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post