News Line| Off Air| Games
Generic placeholder image

Oct
8

අරුවක්කාලූ කසළ අංගනයේ පිපිරීමක්

1236 Views


අරුවක්කාලූ කසළ අංගනයේ පිපිරීමක්

අරුවක්කාලූ කසළ අංගනයේ ඊයේ රාත‍්‍රීයේ පිපිරීමක් සිදුව තිබෙනවා.
කසළ අංගනය ආසන්නයේ ඇති සේරක්කුලිය හා කරතිව් ගම්මාන වල ජනතාවට පිපිරීමත් සමඟ දැවැන්ත ශබ්දයක් සහ අධික කම්පනයක් ඇති වූ බවයි සියත ප‍්‍ර‍්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
කසල අංගනයේ පළමු වරට මීතෙන් වායුව පරීක්ෂා කිරීම් කටයුතු සිදුකර තිබුණා.
එහිදී නලයක සිදුකළ පෑස්සුමක පිපිරීමක් සිදුව ඇති බවයි අරුවක්කාලූ කසල අංගනයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
පිපිරීමෙන් කසළ අංගනයේ කිසිවකුටත් හානියක් සිදුවී නැහැ.
මේ හේතුවෙන් කොළඹ සිට අරුවක්කාලූ වෙත කසල රැගෙන එමින් තිබූ ටිපර් රථ 29 ක් නැවත කොළඹ දක්වා හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post