News Line| Off Air| Games
Generic placeholder image

Sep
10

අලි බබා නිර්මාතෘ ජැක් මා අද විශ්‍රාම යයි

2598 Views


අලි බබා නිර්මාතෘ ජැක් මා අද විශ්‍රාම යයි

චීනයේ ධනවත්ම පුද්ගලයා සහ සුප්‍රකට අලි බාබා සමාගම හරහා චීනයට ඊ- වාණිජ්‍යය හඳුන්වා දුන් බිලියනපති ජැක් මා අද (10) අලි බාබා සමාගමේ විධායක සභාපති ධුරයෙන් විශ්‍රාම යන බව සදහන්.

අද ඔහුගේ 55 වැනි ජන්ම දිනය බැවින් ඔහු මේ සඳහා අද දිනය තෝරාගෙන තිබෙනවා.

දශක 02ක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගූ අලි බාබා සමාගම මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 480ක දැවැන්ත සමාගමක් බවට පත් කිරීම පසුපස සිටින ප්‍රබලම පුද්ගලයා වන්නේ ජැක් මා යි.

මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 40කට අධික ධනස්කන්ධයක්ද ඔහු මෙම සාර්ථකත්වය හරහා උපයාගෙන චීනයේ ධනවත්ම පුද්ගලයා හැටියටයි වැජඹෙන්නේ.

විශ්‍රාම යාමෙන් පසුව සමාජයට සේවය කිරීමට තමන් පූර්ණ කාලීනව කැපවන බව ජැක් මා පවසන අතර තමන් 70 වන වියට එළඹෙන විට සමාජයට තමන්ගේ හැකියාවෙන් සහ ධනස්කන්ධයෙන් කැපී පෙනෙන සේවයක් කිරීම ඔහුගේ බලාපොරොත්තුව බව ජැක් මා පවසනවා.

මේ කටයුතු සඳහා ඔහු විසින් 2014 දී ”ජැක් මා පදනම” නමින් සමාජ සේවා ආයතනයක්ද පිහිටුවාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post