News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

අලුත් අවුරුදු සමයේ පොලිසියෙන් විශේෂ වැඩපිළිවෙලක්

587 Views


අලුත් අවුරුදු සමයේ පොලිසියෙන් විශේෂ වැඩපිළිවෙලක්

අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 8 000 ක් යොදවා දිවයින පුරා මෙහෙයුම් සිදුකරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙහෙයුම්වලදී බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන වායු උපකරණ 25,000 ක් මෙරට ගෙන්වා ඇති බවත් අද එම උපකරණ පොලිස් ස්ථාන වෙත ඛෙදා හරින බවත් අජිත් රෝහණ මහතා කියා සිටියා.

පසුගිය වසරේ අවුරුදු සමයේ 10 වැනි දින සිට 20 වැනි දින දක්වා දින දහයක කාලය තුළ සිදු වු රිය අනතුරු වලින් පුද්ගලයන් 135 දෙනෙක් මියගොස් තවත් 750 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මෙම සංඛ්‍යාලේඛන අනුව දින 10 ක කාලය තුළ දිනකට පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් 75 දෙනකු තුවාල ලබා සිටින බවයි රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

සිදුවන රිය අනතුරු වලක්වා ගැනීම සඳහා බීමතින් රිය ධාවනය කිරීමෙන් වලකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post