News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

ඇල්පිටියේ තැපැල් ජන්ද විමසීමට සියල්ල සූදානම්

370 Views


ඇල්පිටියේ තැපැල් ජන්ද විමසීමට සියල්ල සූදානම්

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡුන්ද විමසීම අද පැවැත්වෙනවා. ඒ සදහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ.
අද දින තැපැල් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වන ඡුන්ද දායකයින් සදහා ලබන 4 වනදා අතිරේක දිනයක් ලෙස නම් කර ඇති බවයි ගාල්ල දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ,

ජන්ද විමසීම ලබන මස 11 වනදා පැවැත්වීමට නියමිතයි. ජන්දය ප‍්‍රකාශය කිරීම සදහා සුදුසුකම් ලබා ඇති ජන්ද දායකයින් සංඛ්‍යාව 53 384 ක්
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීම සදහා ජන්ද මධ්‍යස්ථාන 47 කදී ජන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.
පොලිස් මූලස්ථානයේ නියෝග මත ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සදහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ එය ක‍්‍රියාත්මකයි. ජන්ද විමසීමට අදාළ පැමිණිලි භාර ගැනීම සදහා ඇල්පිටිය හා පිටිගල පොලිස් ස්ථාන වල මෙහෙයුම් මැදිරි දෙකක් ස්ථාපිත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post