News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

ඉන්දියාව තවත් හමුදා ප්‍රහාරයක් සඳහා සූදානම්

658 Views


ඉන්දියාව තවත් හමුදා ප්‍රහාරයක් සඳහා සූදානම්

පසුගිය්දා ඉන්දීය පකිස්ථාන ප්‍රහාර එල්ල කරගනිමින් නොසන්සුන්තාවක නිරත වුණා. එය යටපත්ව ගිය බවට සිතුවත් නැවතත් එහි ගිනි පුපුරු මතු වෙමින් තිබෙනවා. ඉන්දියාව මෙම මාසයේ තවත් හමුදා ප්‍රහාරයකට සූදානම් වන බවට සිය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි පාකිස්තානය අවධාරණය කරයි. මෙම තොරතුරු අනාවරණය කර තිබුණේ පාකිස්තාන විදේශ අමාත්‍ය ෂාහ් මෙහෙමූඩ් කියුරේෂි. බුද්ධි තොරතුරු පදනම්ව මෙම තොරතුරු පවසා තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර මෙම වසරේ යුද උණුසුමක් ඇති වූ අතර, පාකිස්තාන ත්‍රස්ත කණ්ඩායමක් ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කිරීම ඊට මුල් වුණා.

ත්‍රස්තයන්ට පාකිස්තානය උදව් කරන බව පවසමින් ඉන්දියාව ඉන් පසුව ගුවන් ප්‍රහාරයක් දියත් කළ අතර, එහිදී පාකිස්තාන ප්‍රති ප්‍රහාරයකින් ඉන්දීය යානයක් කඩා වැටී තිබෙනවා.

ඉන් පසුව එහි නියමුවා පාකිස්තාන ආරක්ෂක අංශ භාරයට පත්ව, දිනි කිහිපයකින් යළිත් ඉන්දියාව වෙත නිදහස් කිරීමට කටයුතු කළේය. පසුගිය පෙබරවාරි මාසයේදී මේ ආකාරයේ ගුවන් ප්‍රහාරයක් දෙරට අතර සිදුවූයේ 1971 දෙරට අතර යුද්ධයෙන් පසුව ප්‍රථම වරටයි.


News Articles
Latest Videos
Most Popular Post