News Line| Off Air| Games
Generic placeholder image

Feb
27

ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා දෙකක් පාකිස්ථානය බිම දමයි : සාකච්ජාවට එන්නැයි පාකිස්ථාන අගමැති ගෙන් ඉන්දියාවට ඇරයුම් – (PHOTO)

1174 Views


ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා දෙකක් පාකිස්ථානය බිම දමයි : සාකච්ජාවට එන්නැයි පාකිස්ථාන අගමැති ගෙන් ඉන්දියාවට ඇරයුම් – (PHOTO)

රටවල් දෙක අතර දේශ සිමාවේ පවතින තත්ත්වය උත්සන්න වුවහොත් එය මාගේ හෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගේ පාලනයෙන් තොරවනු ඇති බවත්, ඒ හේතුවෙන් තමා සිය අසල්වැසි රට වන ඉන්දියාවට මේ පිළිබදව සාකච්ජා කිරීම සඳහා ඇරයුම් කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මිට සුළු මොහොතකට පෙර ජාතිය අමතා නිවේදනය කර සිටියා.

 ඉතිහාසය අපට බොහෝ දේ කියා දීලා තියෙනවා යුද්ධයෙන් අපට ලබා දුන් අත්දැකීම් සම්බන්ධයෙන්. අවි ආයුධ සම්බන්ධයෙන් ගතහොත් දෙපාර්ශවයම ඒ හැකියාවෙන් ඉදිරියෙන් සිටිනවා. අපි අද (27) ඉන්දීය ගුවන් යානා දෙකක් බිම දැමුවා. එසේ සිදුකලේ අපගේ ආරක්ෂාව වෙනුවෙන් සහ අපට දෙයක් සිදුකිරීමට හැකියාව ඇති බව පෙන්වීමටයි ” පාකිස්ථාන අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

පාකිස්ථානය විසින් ඉන්දීය ගුවන් හමුදා යානා දෙකක් බිම දැමු බවට නිවේදනය කොට පැය කිහිපයක් ගත වීමට පෙර අගමැති ඉම්රාන් ඛාන් විසින් මෙලෙස ඉන්දියාවට සාකච්ජා කිරීම සඳහා ඇරයුම් කිරීම විශේෂ සිදුවීමක් වනවා.

ගුවන් සීමාව උල්ලංඝණය කරන ලද ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා දෙකක් පාකිස්ථාන ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් විනාශ වූ බව පාකිස්ථානය අද (27) නිවේදනය කර සිටියා. එලෙස එල්ල කරන ලද ප්‍රහාර වලින් එක් ගුවන් යානයක් ඉන්දීය දේශසීමාව තුලටත් අනෙක් ගුවන් යානය තම පාළන ප්‍රදේශයටත් ඇද වැටුණු බවයි පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

තම පාලන ප්‍රදේශයට ඇද වැටුණු ඉන්දීය ප්‍රහාරක ගුවන් යානාවේ සිටි නියමුවා ජීව ග්‍රහණයෙන් අල්ලා ගැනීමට පාකිස්ථාන ආරක්ෂක අංශ සමත්වූ බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියා.

ඉන්දීය විදේශ කටයුතු ලේකම් රවිෂ් කුමාර් ප්‍රකාශ කර සිටින්නේ සිය ගුවන් හමුදාවේ මිග් 21 වර්ගයේ ප්‍රහාරක යානාවක් විසින් පාකිස්ථාන ගුවන් යානාවකට ප්‍රහාරයක් එල්ල කර එය විනාශ කළ බවත් එම ප්‍රහාරය අතර වාරයේදී ඉන්දීය ගුවන් හමුදා යානාවක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි සිටි නියමුවා අතුරුදහන්ව ඇති බවයි.

මේ අතර ඉන්දියාව විසින් පාකිස්ථානයේ දේශ සීමාව ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ බර අවි ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 6 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවාගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී. කෙසේ වුවත් මේ වන විටත් ඉන්දු-පාකිස්ථාන දේශ සීමාව ආසන්නයේ රටවල් දෙකම තම හමුදා ශක්තිය වැඩිකරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

වසා දැමුණු ජම්මු හා කාශ්මීර් ගුවන් කළාපය වාණිජ ගුවන් ගමන් කටයුතු සඳහා විවෘත කිරීමට ඉන්දියාව විසින් පියවර ගෙන ඇති නමුත් පාකිස්ථානය සිය ගුවන් කළාපය වාණිජ ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැත.

මේ අතර ජම්මු හා කාශ්මීර් දේශ සිමාව තුල පාකිස්ථාන රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා ප්‍රචාරය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති අතර පාකිස්ථානය විසින් සිය රට තුල ඉන්දීය චිත්‍රපටි සහ රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය තහනම් කර ඇත.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින උණුසුම් තත්ත්වය ගැටුම්කාරී වාතාවරණයක් කරා යාමට ඉඩ නොදී විසඳා ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.


News Articles
Latest Videos
Most Popular Post