News Line| Off Air| Games
Generic placeholder image

Mar
1

ඉන්ඳු, පකිස්ථාන් යුධ ශක්තියේ විශ්ලේෂණාත්ම වාර්තාවක් මෙන්න

850 Views


ඉන්ඳු, පකිස්ථාන් යුධ ශක්තියේ විශ්ලේෂණාත්ම වාර්තාවක් මෙන්න

ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින සීතල යුද්ධයේ ගිනි පුපුරු ටෙකෙන් ටික මේ වන විට උඩට මතුවෙමින් තිබේ. යුධමය තත්ත්වයක් මින් නිර්මාණය වූවොත් එය මුළු මහත් ලෝකයටම බලපානු ඇත.

මෙම රටවල් දෙකම තරඟකාරී ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන රටවල් දෙකක්. එම රටවල් දෙකෙහි තිබෙන යුධමය ශක්තීන් අල් ජසීරා මාධ්‍ය වාඅර්තා කර තිබුණේ මේ ආකාරයටයීම මාධ්‍ය වාර්තා කරන ආකාරයට දෙරටේම යුධමය ශක්තිය ශක්තිමත් වී තිබෙන්වා.

දෙරටේ සිටින සම්පූර්ණ හමුදා නිලධාරීන් ප්‍රමාණය ඉන්දියාවේ 4,207,250 ක් වන අතර පකිස්තානයේ සිටින හමුදා නිලධාරීන් ගණන 910,000 ක් වෙනවා.

දෙරටේ තිබෙන යුධමය ගුවන් යානා ප්‍රමාණය ඉන්දියාවේ 2,185 වන අතර පකිස්ථානයේ 1,281 ක් වනවා.

දෙරටේ තිබෙන යුධ ටැංකි ප්‍රමාණය ලෙස මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ 4,426 ක් සහ පකිස්ථානයේ 2,182 ක්.

දෙරටේ තිබෙන යුධ නාවික වත්කම් ප්‍රමාණය ලෙස ඉන්දියාවේ 295 ක් සහ පකිස්ථානයේ 197 ක් ලෙස දක්වා තිබෙනවා.

දෙරටේ පාලන රේඛාව සම්බන්ධයෙනුත් එම මාධ්‍ය වාර්තා කර තිබුණා. පාලන රේඛාව යනු පාකිස්ථාන සහ ඉන්දියාවේ පාලිත කාෂ්මීර් වෙන් කර ඇති දේශ සීමා 740 ක දුර මායිමකි. ඉස්ලාමාබාදය හා නව දිල්ලිය නිදහසෙන් පසුව කාශ්මීරයට එරෙහිව යුද්ධ දෙකකට සටන් කර ඇත.දකුණු ආසියානු රාජ්‍ය දෙක විසින් පලමු ඉන්දියානු-පකිස්ථාන යුද්ධය අවසන් කල සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන විට සැබෑ පිලිවෙල යුධ පෙරමුණ සලකුනු කරයි.

දෙරටේ න්‍යෂ්ටික සවිය පවතින්නේ මේ ආකාරයටයි.

 


News Articles
Latest Videos
Most Popular Post