News Line| Off Air| Games
Generic placeholder image

Sep
27

ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

377 Views


ඉරානයෙන් ඇමරිකාවට අභියෝගයක්

ඉරානය විසින් සවුදියට ප‍්‍රහාර එල්ල කළ බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසනවා. ඔහු සදහන් කලේ චෝදනා එල්ල කරන ඇමරිකාව විසින් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කල යුතු බවයි.

පසුගිය 14 වනදා සෟදියේ තෙල් සැකසුම් මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරය ඉරාන විසින් සිදු කල බවට ඇමරිකාව හා සෞදිය චෝදනා කලා. ඒ අනුව ඉරානයට එරෙහිව සම්බාධක පනවන බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පසුගියදා සදහන් කලේ.

සෞදියේ ආරක්ෂාව වැඩි කිරීමට ද ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. මිසයිල සමග නිළධාරීන් 200 දෙනෙකුගෙන් යුත් හමුදා කාණ්ඩයක් එරටට යොමු කරන බවයි ඇමරිකාව සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post