News Line| Off Air| Games
Generic placeholder image

Apr
30

ඊබ‍්‍රහිම් ශාහීද් ‘යසින්ත’ නමින්ද පෙනී ඉඳලා

2347 Views


ඊබ‍්‍රහිම් ශාහීද් ‘යසින්ත’ නමින්ද පෙනී ඉඳලා

මොහොමඞ් ඊබ‍්‍රහිම් ශාහීද් අබ්දුල් හක් ඊට පෙර දිනයේදී අනුරාධපුරයේ හෝටලයක නවාතැන් ගැනීම සඳහා ‘ඇතිගේ ජෙරාල් යසින්ත සිල්වා’ ලෙස ව්‍යාජ නමකින් පෙනී සිට ජාතික හැඳුනුම්පතක් ද ඉදිරිපත් කර තිබෙනවා. එහි ලිපිනය සඳහන් වී ඇත්තේ අංක 188/M, දෙවන පටුමග, රෝහල පාර, කඳාන ලෙසයි.
ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ අනුරාධපුරයේ තවත් අයෙකු සහ ගල්නෑවේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ලැබී ඇති අතර ඔවුන් 03 දෙනාම අධ්‍යාපනය ලබා ඇත්තේ මාදම්පේ ඉස්ලාහියා අරාබි පාසලෙන් බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත.
එමෙන්ම මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මූලික තොරතුරු ලැබී ඇත්තේ අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක සංජීව මහානාමගේ පුද්ගලික ඔත්තුකරුවෙකු හරහායි.

එම පුද්ගලික ඔත්තුකරුවා මුස්ලිම් ජාතිකයෙකු වන අතර ඔහු මාවනැල්ල බුදුපිළිම කැඞීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ පාසල් මිතුරෙකුද වනවා.


News Articles
Latest Videos
Most Popular Post