News Line| Off Air| Games
Generic placeholder image

May
30

උපන්දිනය වෙනුවෙන් චාමික සිදුකල පුන්‍යකර්මය

330 Views


උපන්දිනය වෙනුවෙන් චාමික සිදුකල පුන්‍යකර්මය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කියන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය චරිතයක්.

ඔහු සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි.

පසුගියදා ඔහු උපන්දිනය සැමරුවා.
චාමික ඔහුගේ උපන්දිනය වෙනුවෙන් මෙවර පුන්‍යකර්ම රැසක් කරලා තිබුනා.

එහි ඡායාරූප කීපයක් ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරමින් චාමික තමා කළ පුන්‍යකර්ම ගැන දීර්ග සටහනක් ලියා තිබුනා.

පහත දැක්වෙන්නේ ඔහුගේ ඒ සටහන සහ ඡායාරූප…

“මැයි මස 29 වන දාට යෙදුන මගේ උපන් දිනය වෙනුවෙන් කළ පිංකම් මාලාව. මා කර ගත්තා වූ මේ කුසල කර්මයේ පිං බලය ඔබ සියලු දෙනාටමත් අත් වේවායි බැති සිතින් පතමි.
*ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ වැඩ වසන කරඬුන් වහන්සේට අගනා මැණික් එබ්බවූ රන් පළඳනාවක් පළඳවා , රනින් රිදියෙන් නිමා කර මැණික් එබ්බවූ අගනා මුතු කුඩයක් සහ රනින් සාදා මැණික් එබ්බවූ වජ්‍රයක් ද රනින් නිමවූ අගනා බුදු පිළිමයක්ද පූජා කළෙමි.
*මල්වතු පාර්ශවයේ මහා නායක ස්වාමින් වහන්සේ සහ මල්වතු පාර්ශවයේ අනුනායක ස්වාමින්වහන්සේව බැහැ දකින්නට ගිය අවස්ථාව. එහිදී උන්වහන්සේලා පිරිත් සජ්ජායනයෙන් මවෙත ආශිර්වාද කළහ.
ගංගාරාම විහාරස්ථානයේ පිංකම් මාලාව
*නාත, විශ්නු, කතරගම, පත්තිනි දෙවි වරුන්ගේ රන් ආලේපිත පිළිම ධාතු මංදිරයට පූජා කිරීම.
*ගංගාරාම විහාරස්ථානයේ කේශ ධාතුන් වහන්සේ උදෙසා රනින් රිදියෙන් නිර්මිත පූජා තැබීමේ විශේෂ පරිශ්කාර තැටියක් සහ රනින් රිදියෙන් නිමා කළ පැන් බඳුනක් පූජා කළෙමි.
කැළණි රජමහා විහාරයේ පිංකම් මාලාව.
*සර්වඥධාතූන් වහන්සේ වඩා හිඳුවීම සඳහා රනින් නිම කළ නෙළුම් මලක් පූජා කිරීම , කැළණි රජමහා විහාරයේ නායක සවාමින්ද්‍රයන් වහන්සේ වෙත.
*පවුල් කීපයකට වියලි ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම.
*ඇතෙකුට ආහාරයෙන් සංග්‍රහ කිරීම.
මේ සියලු පිංකම් මවිසින් කරන ලද්දේ බුද්ධශාසනයේ චිරස්ථිතිය උදෙසාය. බුදුන් වහන්සේ දෙසා වදාල නිර්මල සද්ධර්මයේ ආනුභාවයෙන් අප උපන් මේ රටට සාමය සෞභාග්‍යය උදාවේවා! මේ උතුම් පිං කම කරන්නට මට සහය වූ සැමටම උතුම් වූ තෙරුවනගේ ආශිර්වාදය ලැබේවා! “


News Articles
Latest Videos
Most Popular Post