News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

උපාධිධාරින් උද්ඝෝෂණය කිරීමට හේතුව ජනපති පහදයි

435 Views


උපාධිධාරින් උද්ඝෝෂණය කිරීමට හේතුව ජනපති පහදයි

උපාධිධාරින් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන ක‍්‍රමයක් රට තුළ මතුව ඇත්තේ විද්‍යාවෙන්, තාක්ෂණයෙන් හා පර්යේෂණවලින් බැහැර වූ අධ්‍යාපන ක‍්‍රමය නිසා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික කී‍්‍රඩාංගණයේ දී ආරම්භ කෙරුණු ශිල්ප සේනා ප‍්‍රදර්ශනයේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය අමතමින්.

ශිල්ප සේනා ප‍්‍රදර්ශනයේ දෙවන අදියර දැනුම, නව නිපැයුම් සහ විනෝදාත්මක අංග රැසක් සමගින් අද සිට 29 වනදා දක්වා පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික කි‍්‍රඩාංගණයේ දී පැවැත්වෙනවා.

ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ සවිමත් දෑතින් පොහොසත් රටක් යන තේමාව යටතේයි.

ප‍්‍රදර්ශනය තාක්ෂණ කලාපය, ව්‍යවසායකත්ව හා රැකියා වෙළෙදපොළ, නවෝත්පාදන කලාපය, නීලහරිත කලාපය සහ විනෝදාත්මක කලාපය ලෙස කලාප පහකට වෙන් කර තිබෙනවා.

මෙරට නිර්මාණ ශිල්පීන් බිහිකළ නව නිපැයුම් 250කට අධික ප‍්‍රමාණයක් එහිදී ප‍්‍රදර්ශනය කෙරෙනු ඇති.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ප‍්‍රදර්ශනය පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post