News Line| Off Air| Games
Generic placeholder image

Sep
12

එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරක

2519 Views


එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරක

‘ටොප් ගියර්’ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරකට ලක් වී තිබෙනවා. එම වැඩසටහන රූ ගත කෙරෙන අතරතුරදී ඔහු පැද වූ ත්‍රිරෝද යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු පැයට සැතපුම් 124ක වේගයකින් සිය ත්‍රිරෝද යතුරු පැදිය පදවා ඇති අතර එහෙත් ඔහු කිසිදු තුවාලයක් නොලබා බේරී තිබෙන බව බීබීසී ය අනාවරණය කළා.

41 හැවිරිදි හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාගේ යතුරු පැදිය එල්වින්ටන් ගුවන් පථයේ ධාවනයේ යෙදෙන අතරතුර ලිස්සා ගොස් ඇති බව සදහන්.

“මට කිසිවක් වුණේ නැහැ. මම බොහොම හොඳින් ඉන්නවා. අද රූ ගත කිරීම්වලට සහභාගි වුනා,” ෆ්ලින්ටොෆ් පැවසුවා.

“මම හිතුවට වැඩිය දුරක් ධාවනයේ යෙදුනා. මට ඕනෑ වුණේ හොඳට ඒ රූ ගත කිරීම කරන්න. නමුත් මේ අවස්ථාවේ මම ගිය දුර ටිකක් වැඩියි. ඒක ටෙලිවිෂන් එකේ බලන කොට මට අවේ හාස්‍යජනක හැඟීමක් බියකරු හැඟීමකට වැඩිය.”

ඔහු පැඩී මැගිනස් සහ ක්‍රිස් හැරිස් යන දෙදෙනා සමග ‘ටොප් ගියර්’ නම් රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post