News Line| Off Air| Games
Generic placeholder image

Mar
12

එක්දින නායකත්වයේ වෙනසක් වෙන ලකුණු ? දිමුත් ගැනත් සලකා බැලේ

656 Views


එක්දින නායකත්වයේ වෙනසක් වෙන ලකුණු ? දිමුත් ගැනත් සලකා බැලේ

ශ්‍රී ලංකා එක්දින නායකත්වයේ යළි වෙනසක් සිදු කිරීමේ සූදානමක් පිළිබදව වාර්තා වෙනවා. දකුණු අපි‍්‍රකාව සමග පැවැති එක්දින තරගාවලියේදී ලසිත් මාලිංග, නායකයෙකු ලෙස අසාර්ථක වීම ඊට හේතුවයි. ලසිත් මාලිංග නායකත්වය ගෙන මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග 07ම පරාජය වී තිබෙන අතර වර්තමාන කණ්ඩායමේ එකමුතුකම පිළිබදව ප්‍රශ්ණයක් පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ. ඒ නිසාවෙන් එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නව නායකයෙකු පත් කර ගැනීමටයි කි‍්‍රකට් ප‍්‍රධානීන්ගේ අදහස වී ඇත්තේ. මේ සදහා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නමද යෝජනා වී ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post