News Line| Off Air| Games
Generic placeholder image

Feb
27

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලීමක් කරයි

521 Views


එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලීමක් කරයි

සංයමයෙන් යුතුව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරෙස් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලීමක් කර සිටිනවා.

 එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරෙස්

ඒ, ඉන්දියාව සිය දේශසීමාව ආසන්නයේ පිහිටි පකිස්ථානයේ ජයීෂ් ඒ මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ විශාලතම පුහුණු කඳවුරට ඊයේ ගුවනින් බෝම්බ හෙළීමෙන් පසු දෙරට අතර උත්සන්න වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේයි.

ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කියා සිටියා.

මේ අතර කලාපය තුළ ආරක්ෂාව සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සදහා කටයුතු කරන ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රජය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඉන්දියාවේ පුල්මා ප්‍රදේශයේ පොලිස් බලකා සෙබලූන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කනස්සල්ල පළ කරන බවයි.

දශක 03 කට ආසන්න කාලයක් පුරා ත්‍රස්තවාදයෙන් පීඩා විදි රටක් ලෙස අවිවාදයෙන් පුල්මා ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බවයි එම නිවේදනයෙන් සදහන් කරන්නේ.

ත්‍රස්තවාදයට එරෙහි සියලූම ආකාරයේ කි්‍රයාවන් සදහා ශී්‍ර ලංකා රජය කැපවී සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

දකුණු ආසියාවේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ස්ථීරසාර මෙන්ම විශ්වාසය ගොඩ නැගීම ඇතුලූ විවිධ කාර්යයන් සදහා ශ්‍රී ලංකා රජය උත්සාහ දරන බව ද එම නිවේදනයේ සදහන්.

ඉන්දියාව සහ පාකිස්ථානයේ ඇති වී තිඛෙන එම මතභේදකාරී තත්වයෙන් දකුණු ආසියානු කලාපයට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති, ජාත්‍යාන්තර විශ්ලේෂක ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාගෙන් විමසීමක් කළා

 

 

මේ අතර පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි වෙත හෙට සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පාකිස්ථාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන්.

ලාහෝර් සහ කරච්චි වෙත පියාසර කිරීමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට අවශ්‍ය වැඩි දුර උපදෙස් ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් ඇමතීමෙන් සහ අඅඅගිරසක්බන්බගජදප වෙත පිවිසීමෙන් ලබාගත හැක.

ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි ගුවන් සමාගම සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post