News Line| Off Air| Games
Generic placeholder image

Apr
10

එච්.එම්. ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද

601 Views


එච්.එම්. ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගිතඥ එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. දේහය අද පෙරවරුවේ ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 3.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි. දේහය මේවන විට තැන්පත්කර ඇත්තේ බොරැල්ල මල් ශාලාවේ යි.

එච්.එම් ජයවර්ධන මහතා ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමිපුරුෂා වන අතර ජනප්‍රිය ගායක සහ සංගීතවේදී කසුන් කල්හාර මහතාගේ පියාණන් ද වනවා.

බටනලා වාදන ශිල්පියෙකු ලෙස සංගීත දිවිය ආරම්භ කළ එච් එම් ජයවර්ධන මහතා සැලකෙන්නේ ප්‍රකට තණු නිර්මාපකයෙක් ලෙසයි.

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව ශූරීන් ගායනා කළ සඳ තරු නිහ~යි විශාරද නන්දා මාලිනී ගැයූ ඔබයි රම්‍ය සඳකිරණ විශාරද මාලනී බුලත්සිංහල ගායන ශිල්පිනිය ගැයූ ප්‍රේමයේ විල්තෙරේ අහසින් තරුවක් කඩා වැටෙනවා වැනි ජනප්‍රිය ගීත ඔහු සප්තස්වරයෙන් හැඩ කළ හැඩ ජනප්‍රිය ගී දහස් ගණන අතරින් කිහිපයක්.

කැලෑමල්, ආරාධනා ඇතුළු චිත‍්‍රපට කිහිපයකට ද සංගීතය නිර්මාණයෙන් ජයවර්ධන මහතා දායක වී තිබෙනවා. මුහුදු ලිහි‚ චිත්‍රපටය සඳහා ඔහු නිර්මාණය කළ සංගීතය වෙනුවෙන් ජනාධිපති සම්මානය හිමිවූ නමුත් ඔහු එම සම්මානය ප‍්‍රතික්ෂේප කළේ තුන්වැනි යාමය විත‍්‍රපටය වෙනුවෙන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් නිර්මාණය කළ සංගීතය, තම නිර්මාණයට වඩා උසස් බව කියමින්.


News Articles
Latest Videos
Most Popular Post