News Line| Off Air| Games
Generic placeholder image

Sep
16

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී

928 Views


එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමුවෙමින්.

පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක‍්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සැමට තමා ප‍්‍රකාශ කළ බවද අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළා.පක්ෂයේ ඡුන්ද පදනම මත පමණක් ජයග‍්‍රහණය කිරීම අසීරුවිය හැකි බැවින් සෙසු මිතුරු බලවේගවල සහය දිනාගැනීම අනිවාර්ය බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.
ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ හැකි සැලැසුමක් සකසන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සියළුම අපේක්ෂකයන්ට අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

මෙම සාකච්ඡුාවට එක් වු පුජ්‍ය දඹර අමිල හිමියන් සදහන් කළේ මෙවර ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි.
කවර අපේක්ෂකයකු ඉදිරිපත් කළද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සන්ධානය සහ වැඩපිළිවෙළ මෙහෙයවිය යුතු බව උන්වහන්සේගේ ප‍්‍රකාශ කර තිබුණා


News Articles
Latest Videos
Most Popular Post