News Line| Off Air| Games
Generic placeholder image

Oct
26

කන්ටේනරය තුළ මිය ගිය තරුණියගේ අවසන් පණිවිඩය

39358 Views


කන්ටේනරය තුළ මිය ගිය තරුණියගේ අවසන් පණිවිඩය

එංගලන්තයේ එසෙක්ස් හි කන්ටේනරයක තිබී සොයාගත් මළ සිරුරුවල අනන්‍යතාව මේ වනවිට අනාවරණය වෙමින් පවතිනවා.

එංගලන්තයේ එසෙක්ස් හි කන්ටේනරයක තිබී සොයාගත් මළ සිරුරු චීන ජාතිකයන් බව මුලින් අනාවරණය වුවත්, ඉන් 6 දෙනෙකු වියට්නාම ජාතිකයන් බව මේ වනවිට අනාවරණය වෙමින් තිබෙනවා.

වියට්නාමයේ පවුල් කිහිපයක් තමන්ගේ ඥාතීන් මෙම මියගිය පිරිස අතර සිටින බව මේ වනවිට පවසා ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

මෙම මියගිය පිරිස අතර, 26 හැවිරිදි ෆාම් තායි ට්‍රා මයි නමැති වියට්නාම තරුණියද වන අතර ඇය මෙම ඛේදවාචකය සිදුවන දිනයේ තමාට හුස්ම ගැනීමට නොහැකි බවට කෙටි පණිවුඩයක් සිය නිවස වෙත ලබා දී තිබෙනවා.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ද ඇතුළුව පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

තම සොහොයුරිය එක්සත් රාජධානියට ඇතුළු වීමේ අරමුණින් ස්ටර්ලිං පවුම් 30,000ක මුදලක් මිනිස් ජාවාරම්කරුවන්ට ගෙවා ඇති බවත්, ඇය අවසන් වරට සිටි ස්ථානය බෙල්ජියම බවත් මෙම තරුණියගේ සොහොයුරා විදෙස් පුවත් සේවා වෙත පවසා තිබෙනවා.

අතරමැදි අවස්ථාවලදී මරණයට පත් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යා ලේඛණ එක්සත් ජාතීන් විසින් 2014 වසරේ සිට වාර්තා කර ඇති අතර එතැන් පටන් සංක්‍රමණිකයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනෙකුගේ මළ සිරුරු එක්සත් රාජධානියේ ලොරි රථ හෝ කන්ටේනර තුළ තිබී සොයා ගෙන ඇති බව සදහන්.

2014 දී සංක්‍රමණිකයන්ගේ පැමිණීම අර්බුදකාරී මට්ටමකට ළඟා වීමට පෙර මේ ආකාරයෙන් දත්ත එක්රැස් කිරීම සිදු නොකෙරුණු අතර සිදුවූ මරණද දුලභ නැහැ.

2000 වසරේදී ඩෝවර් හිදී ලොරි රථයකු තුළ චීන සංක්‍රමණිකයන් 58 දෙනෙකුගේ මළ සිරුරු හමු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post