News Line| Off Air| Games
Generic placeholder image

Feb
27

කලාපය උණුසුම් කරමින් ඉන්දියාවේ ප්‍රහාරයට පාකිස්ථාන ප්‍රතිප්‍රහාර අරඹයි

1680 Views


කලාපය උණුසුම් කරමින් ඉන්දියාවේ ප්‍රහාරයට පාකිස්ථාන ප්‍රතිප්‍රහාර අරඹයි

සිය දේශසීමාව උල්ලංඝණය කරමින් ඉන්දියාව විසින් ඊයේ එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරයට පිළිතුරු වශයෙන් පාකිස්ථානය මේ වන විට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.ජම්මු හා කාශ්මීර් දේශසීමාවේ පිහිටි ඉන්දීය ආරක්ෂක හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල ඉලක්ක කර ගනිමින් පාකිස්ථාන හමුදාව ඊයේ රාත්‍රියේ සිට මෝටාර් ඇතුළු බර අවි උපයෝගී කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවයි ඉන්දීය යුධ හමුදාව නිකුත් කරන ලද නිවේදනයේ කියවෙන්නේ.දෙරට අතර ඇති කර ගෙන තිබෙන සටන් විරාමය උල්ලංඝණය කරමින් පාකිස්ථානය විසින් ආරම්භ කර තිබෙන ප්‍රහාරයන් හමුවේ තමන්ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් එමගින් පාකිස්ථාන හමුදාවේ ආරක්ෂක මුරපොළවල් 05ක් විනාශ කිරීමට හැකිවූ බව ඉන්දීය හමුදාව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍යය පෙන්වා දී තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post