News Line| Off Air| Games
Generic placeholder image

Feb
27

කවුරු විවේචනය කළත් සිවු වසර තුළ මගේ යුතුකම් මා ඉටුකළා – ජනපති

1140 Views


කවුරු විවේචනය කළත් සිවු වසර තුළ මගේ යුතුකම් මා ඉටුකළා – ජනපති

වංචාව, දුෂණය සහ හොරකම මුල් බැසගෙන තිබෙන මේ රට ගොඩනැගීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (27) බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති ශ‍්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්විම අමතමිනි.

එහිදි ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

මේ රටේ රාජ්‍ය ආදායම විනාශ කර දමන ආයතන පිළිබඳ කිසිවෙකු කතා නොකරන අතර ඒ පිළිබඳ මාධ්‍ය ආයතනවලින් ද අනාවරණයක් සිදු නොවීම කනගාටුවට කරුණක් බවයි.

එමෙන්ම මා පිළිබඳ කුමන අන්දමේ විවේචන සිදු කළ ද, ජනාධිපතිවරයා ලෙස පැවරී ඇති වගකීම් සහ යුතුකම් ඉකුත් සිවු වසර තුළ තමා නොපිරිහෙළා ඉටුකර තිබෙන බව නොබියව ප‍්‍රකාශ කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post