News Line| Off Air| Games
Generic placeholder image

Feb
15

ක්ෂුද්‍ර මූලය පනත ඉකිමනින් – මංගල

569 Views


ක්ෂුද්‍ර මූලය පනත ඉකිමනින් – මංගල

ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉක්මනින්ම ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ (14දා) යාපනයේ පැවැති උත්සවකදී ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය වසරේදී පළාත් කිහිපකයට බලපෑ නියං තත්ත්වය හේතුවෙන් විපතට පත් දිස්ත්‍රික්වල කාන්තාවන් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා දැමීමට අදාළව යාපනයේ පැවැති උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ සඳහා රජය රුපියල් මිලියන 1400ක් වැය කිරීම අපේක්ෂා කරන අතර ඒ හරහා කාන්තාවන් 45000ක් පමණ ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට නියමිතය.

රුපියල් ලක්ෂයට වඩා අඩුවෙන් ලබාගෙන තිබූ ණය මෙසේ කපා හරිනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post