News Line| Off Air| Games
Generic placeholder image

Oct
15

ක්‍රිකට් සුපිරි පන්දු වාරය තවත් සුපිරි වෙයි

985 Views


ක්‍රිකට් සුපිරි පන්දු වාරය තවත් සුපිරි වෙයි

අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය ඊයේ ඩුබායිහි පැවැති කවුන්සිලයේ රැස්වීමේදී එක්දින ක්‍රිකට් තරගාවලියේ අන්තර්ගත සුපිරි පන්දුවාරයේ නීති සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් අතර සුපිරි පන්දුවාරයේ ලකුණු සම වුවහොත් එක කණ්ඩායමක් ජයග්‍රහණය කරන තුරු නැවතත් සුපිරි පන්දුවාර ක්‍රියාත්මක කල යුතු බවටයි එහිදී තීරණය වී තිබෙන්නේ.
මීට පෙර එම සුපිරි පන්දු වාරයේ ලකුණු සම සිදු වූ අවස්ථාවේ වැඩිම හතරේ පහරවල් එල්ල කල කණ්ඩායමට ජයග්‍රහනය ලබා දීමට කටයුතු කල අතර 2019 ලෝක කුසලාන තරගයේදී නවසිලන්තය හා එංගලන්තය අතර තරගයේදී මෙවැනි ම සිදුවිමක් සිදු වූ අතර ඒ අනුව එංගලන්තයට තරගයේ ජයග්‍රහණය ලබා දුන්නා.

ඒ හේතුවෙන් මේ සුපිරි පන්දුවාරයේ නීති දැඩි ලෙස ක්‍රිකට් විචාරකයින් අතර දෝෂ දර්ශනයට ලක් වූ අතර ඒ අනුවයි මෙම සුපිරි පන්දුවාරයේ නීති වෙනසකට ලක් කෙරුණේ.


News Articles
Latest Videos
Most Popular Post