News Line| Off Air| Games
Generic placeholder image

Apr
4

කාසල්රි , මවුස්සාකැලේ සහ කොත්මලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බසියි

1097 Views


කාසල්රි , මවුස්සාකැලේ සහ කොත්මලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බසියි

ජාතික විදුලි බල මණ්ඩලය යටතේ පාලනය වන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද (04)  වන විට පිටාර මට්ටමේ සිට අඩි 67 පහල බැස ඇති අතර , දැනට එහි ඉතිරිව තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබාගත හැකි බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 50 දක්වා පහල බැස ඇති බවත්, එහි දැනට ඉතිරිව තිබෙන ජල ධාරිතාවෙන් අඩි දෙකක් පමණක් විදුලි උත්පාදනය සදහා ජලය ලබා ගත හැකි බවයි විදුලි බල මණ්ඩලය කියා සිටින්නේ.

මේ අතර මහවැලි සංවර්ධන අධිකාරි කාර්යයාලය යටතේ පාලනය වන කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 60 දක්වා පහල බැස ඇති බවත්, එම ජලාශයේ දැනට ඉතිරිව 31% ජල ධාරිතාවක් පවතින බවයි එම විදුලි බලාගාර ඉන්ජිනේරුවන් කියා සිටින්නේ.

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහල බැසිමත් සමග කොත්මලේ ජලාශය ඉදි කිරිමේ දි ජලාශයට යට වු කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වන විට මතු වි ඇති අතර එම නටබුන් දැක බලාගැනිමට විශාල පිරිසක් දිනපතා එම ජලාශයට පැමිණෙමින් සිටියි.


News Articles
Latest Videos
Most Popular Post