News Line| Off Air| Games
Generic placeholder image

Oct
22

කැනඩාවේ මහ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරයි

517 Views


කැනඩාවේ මහ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරයි

කැනඩාවේ ඊයේ පැවති මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නායකත්වය දරණ ලිබරල් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ආසන 338 කින් සමන්විත කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම සඳහා ආසන 170 ක් අවශ්‍ය වූවත් ලිබරල් පක්ෂයට මැතිවරණයෙන් හිමිව ඇත්තේ ආසන 157 ක් පමණයි.

කොන්සර්වේටිව් පක්ෂය ආසන 121 ක් ලබාගෙන ඇති අතර, සුළු පක්ෂ අතර ආසන 59 ක් බෙදි ගොස් ඇති බව සදහන්.

මේ අනුව වැඩි ආසන සංඛ්‍යාවක් ලබා සිටියත් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝට සන්ධානගතව ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවන බව විදෙස් වාර්තා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post