News Line| Off Air| Games
Generic placeholder image

Apr
20

කිම් ජොං අන් හා පුටින් අතර හමුවක්

322 Views


කිම් ජොං අන් හා පුටින් අතර හමුවක්

උතුරු කොරියා නායක කිම් ජොංග් අන් සහ රුසියා ජනාධිපති වැලැදිමීර් පුටින් අතර හමුවක් මෙම මාසයේදී සිදුවීමට නියමිත බව රුසියා රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

2002 වසරෙන් පසුව රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් උතුරු කොරියානු නායකයෙක් මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි.

මිට පෙර වත්මන් උතුරු කොරියානු නායකයාගේ පියා සහ රුසියානු ජනපතිවරයා අතර හමුවක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිට පෙර උතුරු කොරියාු නායකයා සහදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්පසුගිය පෙබරවාරි මාසයේ සිදුවූ අතර එහිදී දෙරටේ නායකයින් බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිපලයක් අත්කර ගැනීමට අපොහොසත් වුණා.

න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ කටයුතු තාවකාලිකව නවතා ඇති උතුරු කොරියාව අමෙරිකාව සමග සාකච්ජා අසාර්ථක වීමෙන් පසු පළමු වරට නව උපාය මාර්ගික අවියක් අත්හදා බලනු ලැබුවේ මිට දින තුනකට ඉහතදීයි.

උතුරු කොරියාව ් එම අවිය අත්හදා බැලීමෙන් පසුව රුසියාව උතුරු කොරියා නායකයාට සිය රටෙහි සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

රාජ්‍ය නායකයින් දෙදෙනා අතර හමුව සිදුවන ස්ථානය සහ දිනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නිල නිවේදනයක් රුසියාව විසින් නිකුත් කර නොමැති අතර මෙම හමුව සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post