News Line| Off Air| Games
Generic placeholder image

Feb
25

කුඩුකාරයා , කුඩු මුදලාලි , හොරා , පාතාලයා මේ හතර දෙනාම පාර්ලිමේන්තුවේ ඉන්නවා – අනුර

460 Views


කුඩුකාරයා , කුඩු මුදලාලි , හොරා , පාතාලයා මේ හතර දෙනාම පාර්ලිමේන්තුවේ ඉන්නවා – අනුර

කුඩු කාරයින් , කුඩු මුදලාලිලා , අපරාධකරුවන් , සහ සොරුන් සිටින එකම ස්ථානය පාර්ලිමේන්තුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

‘‘රට ගොඩනගන අභියෝගයට අපි සුදානමි’’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ වැලිගම ආසන බලමණ්ඩල රැස්විමට ඊයේ (23) මාතර , වැලිගමදි සහභාගි වෙමින් ඔහු මේ බව පැවසිය .

එහිදි අදහස් පලකල මන්ති‍්‍රවරයා ,

‘‘ සමහරු හිතයි මාධ්‍යයට මේ ක‍්‍රමය වෙනස් කරන්න පුළුවන් කියලා , ඒක එහෙම නැහැ . අපිට ඒ අය අතර තියෙන්නේ දේශපාලන සාකච්ජාවක් , ඒ සාකච්ජා මාධ්‍ය ආයතන හරහා ගෙන යන්න හැකියාවක් නැහැ . මොකද අද මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙන්නේ . පොඩි ගැටුම්කාරි තතත්වයන් තමයි මාධ්‍යට අවශ්‍යය කරන්නේ .

පසුගිය දවස්වල තිබුනා පෝරිසාදය සහ කලවැද්දා අතර සටනක් , ජනතාව බලන් ඉන්නවා අද පෝරිසාදය මොකක් කියයිද? , ඒකට කල වැද්දා මොන වගේ උත්තර දෙයිද කියලා . ඊට කලින් තිබුනා ජනාධිපති , හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරිමේ කුමන්ත‍්‍රණයක් ගැන හාදයෙක් වාඩිවෙලා කැසට් එළි දක්වනවා කියනවා . ඒවා දිහා බැලූවම අපේ ගම්වල හාවෙක් දඩයම් කරන්න ඔයිට වැඩිය සැලසුම් කරනවා , හැබැයි අරවා ප‍්‍රවෘත්ති වෙනවා . ඒ නිසා අපේ යන්න ඕන මාතෘකාව මොකක් යටතේද කියලා තිරණය කරන්නේ මාධ්‍ය ආයතන , ඇයි ඒ මාධ්‍ය ආයතන වලටත් දේශපාලනයක් තියෙනවා . සමහර දේශපාලන පක්ෂ විසින් මාධ්‍ය ආයතන ගිලගෙන තියෙනවා . සමහර මාධ්‍ය ආයතන විසින් දේශපාලන පක්ෂ ගිලගෙන තියෙනවා . ඒ නිසා අපි දැනගන්න ඕන මාධ්‍ය ආයතන හරහා අපේ පණිවිඩය ගමට ගෙන යන්න ලැබෙන්නේ ඉතාම කුඩා බිදක් විතරයි’’ යැයි පැවසිය .

දැන් බලන්න සාමාන්‍යයෙන් ගත්තොත් අපි කුඩු කාරයා කියන්නේ කුඩබොන කෙනාට , කුඩු මුදලාලි කියන්නේ කුඩු විකුණන කෙනාට , අපි පාතාලයා කියන්නේ අපරාධ කරන කෙනාට , හොරා කියන්නෙ හොරකම් කරන කෙනාට , එතකොට කුඩුකාරයා , කුඩු මුදලාලි . හොරා , පාතාලයා මේ හතර දෙනාම එක තැන ඉන්නවා පාර්ලිමේන්තුවේ .

මේ දේශපාලනය ගමන් කරන්නේ එතනට . ආණ්ඩුවෙම ඇමතිවරයෙක් කියනවා කැබිනටි මණ්ඩලයේ කොකෙන් ගහන අය ඉන්නවලූ , එතකොට සමහර කැබිනටි පති‍්‍රකා සම්මත වෙන්නේ කොකෙන් ගහලද කියලා අපි දන්නෙ නැහැ ., ඉතින් මේ වගේ අයට රට පාලනය කරන්න දෙන්න ඕනද? . අපේ රටට දැන් අවශ්‍ය දේශපාලන වෙනසක් , එය ඇති කල හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි ’’ යැයි දිසානායක මහතා වැ ඩිදුරටත් පැවසිය.


News Articles
Latest Videos
Most Popular Post