News Line| Off Air| Games
Generic placeholder image

Feb
25

කුඩු ප්‍රමෝට් කරන අයත් ඉන්නවා – මහින්ද අමරවීර

335 Views


කුඩු ප්‍රමෝට් කරන අයත් ඉන්නවා – මහින්ද අමරවීර

තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමට නම් ඒ සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ ද ඉතා ප්‍රවේශම් සහිතව සිදුකරන ලෙස තමා ඉල්ලීමක් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්‍ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා.

හම්බන්තොට පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළේය.

ඊයේ(24) දිනයේ දී විශාලම හෙරොයින් තොගය ඇල්ලූ බවත්, ඒවා ඇල්ලුවේ නැතිනම් ගම්වලට පවා පැමිණිමේ හැකියාවක් ඇතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා විසින් නිවැරදි නායකත්වයක් මේ සම්බන්ධයෙන් ගෙන ඇති බවත්, මෙතෙක් කලක් පොලීසිය භාරව සිටි කිසිදු අමාත්‍යවරයෙකුට කළ නොහැකි වු දෙය අද ජනාධිපතිවරයා ඉටු කර ඇති බවත් අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

කිසිදු බලපෑමකින් තොරව මත්ද්‍රව්‍ය පාලනයට අවසරය ලබා දී ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, අද වන විට විවිධ කථා මවන අය සිටින බවත්, කුඩු මර්දනය කරමින් යන අතරේ එය නැවත ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ඇතැම් අය සිටින බවත් පැවසීය.

පාර්ලිමේන්තු මැති ඇමතිවරු කුඩු පානය කරනවා ද යන්න සොයා බලා එවැනි අය සිටී නම් දැඩි දඩුවම් ලබා දිය යුතු බවත්, වැරදි ආර්ශ තුළින් ගම්වල සිටින දරුවන් මෙවැනි ක්‍රියා අනුමත කිරීමට යෑමෙන් ජීවිත විනාශ විය හැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් තුළ අනාගත පරපුර බේරා ගැනීමේ අරමුණින් ඉතා කල්පනාකාරී ලෙස කටයුතු කළ යුතු බව ද අමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post