News Line| Off Air| Games
Generic placeholder image

Oct
19

කේරළ ගංජා කිලෝග්‍රෑම් 180ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

459 Views


කේරළ ගංජා කිලෝග්‍රෑම් 180ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

මන්නාරම් ප්‍රදේශයේදී සුඛෝපබෝගි ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 180ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

ධාවනය වෙමින් තිබු අදාළ ජීප් රථය නවත්වන ලෙසට නාවික හමුදා නිලධාරීන් කළ අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් අදාළ රථයට වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර නතර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවා.

කේරළ ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි පොලිස් නිලධාරියෙකුද වනවා.

සැකකරුවන් මුලික විමර්ශනවලින් අනතුරුව මන්නාරම පොලිසිය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post