News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

කොච්චර ෆෝන් පාවිච්චි කළත් දන්නවද මේ දේවල් ?

285 Views


කොච්චර ෆෝන් පාවිච්චි කළත් දන්නවද මේ දේවල් ?

අද වෙද්දි අතට ෆෝන් එක කියන්නෙ, බඩට කෑම වගේ දෙයක්. ඉතින් කොච්චර නම් ෆෝන් පාවිච්චි කළත් අහලා තියෙනව ද ඔයා දුරකථන ආචාරධර්ම (Telephone Ethics) ගැන.

සමහරු පුරුදු වෙලා ඉන්නවා, කෝල් එකක් එද්දිම ඒ කෝල් එක ආන්සර් කරන්න. ඉතින් ටිකක් වෙලා ගිහින් කෝල් එකක් ආන්සර් කරන එක වගේම ගත්ත ගමන්ම ආන්සර් කරන එකත් එච්චර හොඳ දෙයක් නම් නෙවෙයි. ඒ මොකද? සාමාන්‍යයෙන් කෝල් එකක් ගන්න කෙනාට යම් සූදානමක් ඕන. ඒ වගේම අපි වෙනත් වැඩක යෙදිලා හිටියා කියලා අනෙක් කෙනාට ටිකක් දැනෙන්න ඉඩ දෙන්නත් ඕන. එහෙමයි කියල බොරු බිසී මවමින් කෝල් එක කට් වෙන්න ඔන්න මෙන්න තියලා, ආන්සර් කරන්න, පුරුදු වෙන්න එපා. එහෙනම් මොකද්ද කරන්න ඕනෙ?

තුන් වතාවක් කෝල් එක rings වෙන්න තියලා කෝල් එකක් ගන්න එක වඩාත් හොඳයි. එහෙම කෝල් එකක් ආන්සර් කරාම, ගත්තු ගමන්ම ආන්සර් කළේ නැහැ වගේම කෝල් එක ගන්න කෙනාට එපා වෙනකල් බලාගෙන ඉන්නත් අපි ඉඩ හැරියෙ නැහැ. ඒක දෙපාර්ශවයටම පහසුවක්.

ඒ වගේම සමහරු missed call notification ඇවිල්ලා තියෙද්දි, ආපහු Call Back කරන්නෙ නැහැ. ඒකනම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.

අනිවාර්යයෙන්ම ආයෙ පාරක් ඒ කෙනාට Call Back කරන්න. මොකද එයා ඔයාට කෝල් ගත්තෙ හදීසි අත්‍යවශ්‍ය දෙකට වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා ඔයා කොච්චර Busy වුණත් එයා වෙනුවෙන් පුංචි වෙලාවක් හරි වෙන් කරන්න, අමතක කරන්න එපා.

Call Hold කරන එක ගැනත් කතා නොකරම බෑ. ඔයාට කෝල් එකක් hold කරන්න වුණොත් ඉස්සෙල්ලම ඔයා ඒ කෙනාගෙන් අහන්න, ඔයාට පොඩ්ඩක් ඉන්න පුළුවන්ද කියලා.

ඒකට එයා අකැමැති වුණත් ඔයාට යුතුකමක් තියෙනවා එයාව තත්පර කිහිපයකට වඩා hold එකේ නොතියන්න. ඉතින් ඔයා අනෙකාව කෝල් එකේ රස්තියාදු කළොත් ආය කිසිම දවසක එයා ඔයාට කතා නොකරන්නත් පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, ඔයත් කෝල් ගත්තම වැඩ නිසා හදිසියේම කෝල් එක ඉක්මනින් තියන්න try කරනවද ?

කෙනෙක් ඔයාට කෝල් එක ගත්තහම ඔයා ඒ කෙනාට දැනගන්න ඕන දේ කිව්වත් නැතත් ඔයාට කෝල් එක කට් කරන්න හදිසියි කියල පෙන්නන්න එපා. ඔයාට පුළුවන්, මගෙන් තව දැනගන්න ඕන මොනවද කියලා, එයාගෙන් අහන්න. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් කෝල් 1  ගත්තු කෙනා තමයි මුලින්ම කෝල් එක කට් කරන්න ඕන. අන්න එතකොට ඔයාට පුළුවන් ඒ කෙනාට ආදරණීය ප්‍රාර්ථනයක් කරලම කෝල් එක කට් කරන්න.

මේ කොච්චර දේවල් කිව්වත්, ඔයාගෙ කාර්යබහුල ජීවිතේ එක්ක මේ ආචාරධර්ම පවත්වාගෙන යන්න පුළුවන්ද ඔයාට ? ඔව්. පුළුවන් ඔයාට. අනිත් කෙනාට පොඩි වෙලාවක් හරි වෙන් කරලා, එයාට ගරු කරන්න, ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න තරම් ඔයාට නිහතමානී වෙන්න පුළුවන් නම්, ඔයා හොඳ දුරකථන පරිශීලකයෙක්.


News Articles
Latest Videos
Most Popular Post