News Line| Off Air| Games
Generic placeholder image

Apr
8

කොස්ගම පොලිසියේ නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

564 Views


කොස්ගම පොලිසියේ නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

කොස්ගම පොලිසියේ නිළධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ කොස්ගම පොලිස් ස්ථායේ රඳවා සිටියදි සැකකරුවන් දෙදෙනෙකු සිරමැදියෙන් පලා යාමේ සිදුවීම හේතුවෙන්.

එම අවස්ථාවේ උපසේවක රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුගේ හා කාර්ය භාර නිළධාරී ලෙෂ කටයුතු කල පොලිස් සැරයන්වරයා මෙලෙස වැඩ තහනමට ලක්ව තිබෙනවා.

හෙරොයින් මිලිග්‍රෑම් 1 050ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 1 020ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පසුගිය 06 වනදා රාත්‍රියේ කොස්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.

අනතුරුව ඔවුන් පලා ගොස් ඇති බවයි පොලීසිය සදහන් කලේ . සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post