News Line| Off Air| Games
Generic placeholder image

Sep
5

කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයට නව නිළධාරී මණ්ඩලයක්

818 Views


කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයට  නව නිළධාරී මණ්ඩලයක්

කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ 2019 වසරේ සාංවත්සරික මහ සභා රැස්වීම නාලන්දා විද්‍යාලයේ වත්මන් විදුහල්පති, නාලන්දාවිද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ ගරු විධායක සභාපති තිලක් වත්තුහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නවීකරණය කරන ලද විද්‍යාලයීය මලලසේකර රංගශාලාවේදී පවත්වන ලදී.
මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තාලෙස කීර්තිමත් ආදි නාලන්දීය ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තැන්පත් ජනාධිපති නීතීඥ ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමන් සහභාගී වූ අතර කීර්තිමත් ආදි නාලන්දීයයන් වන ජනාධිපති නීතීඥ සුජිව ජයසිංහ,ජනාධිපති නීතීඥ රන්ජන් සුවඳරත්න,ජනාධිපති නීතීඥ විජිත ජයවික්‍රම යන මහත්වරුන් විශේෂආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ.මෙවර ප්‍රධාන සහ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගීවූයේ නාලන්දාවෙන් බිහිවූ නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් වීම සුවිශේෂත්වයකි.

මෙම සාංවත්සරික මහ සභා රැස්වීමේදී ඉදිරි දෙවසර සඳහා නව නිළධාරී මණ්ඩලය තෝරා පත් කරගත් අතර අභිනව සභාපති ලෙස පත්වූයේ චින්තක රණවීර මහතායි.ප්‍රධාන ලේකම් ධූරය සඳහා දිනිදු අල්විස් , භාණ්ඩාගාරික තනතුර සඳහා ධනංජන පෙරේරා සහ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා දිලුම් චමිල රාජපක්ෂ යන මහත්වරුන් තේරීපත් වූහ.

 


News Articles
Latest Videos
Most Popular Post