News Line| Off Air| Games
Generic placeholder image

Mar
27

ගබ්සා පෙති 845 ක්, මත්ද්‍රව්‍ය පැකට් 240 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

721 Views


ගබ්සා පෙති 845 ක්, මත්ද්‍රව්‍ය පැකට් 240 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මත්පෙති හා ගංජා සමග පුද්ගලයෙකු මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනේ මහනුවර දිසා දූෂණ මර්දන අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව කල වැටලීමකදීයි.

සැකකරු ෂතුව තිබී ට්‍රැමඩෝල් වර්ගයේ මත් පෙති 542 ක් සොයා ගෙන තිබෙනවා.

ගබ්සා පෙති 845 ක් ද ඔහු සතුව තිබූ බවයි පොලීසිය පැවසුවේ.

ෂැකකරු මත් පෙති හා ගබ්සා පෙති විකිණීමේ නිරතව සිට ඇති බවට අණාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයෙක්.

මේ අතර ගංජා මිශ්‍ර මාවා මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ දී යි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම කොට්ඨාසයේ දූෂණ මර්දන අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී සොයා ගත් ගංජා මිශ්‍ර මාවා මත්ද්‍රව්‍ය පැකට් ප්‍රමාණය 240 ක්.

ඒවා ග්‍රෑම් 15 පැකට්ටු ලෙස අසුරා තිබුණා.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරුවෙක් මේ සමග අත්අඩංගුවට ගත් බවයි පොළීසිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post