News Line| Off Air| Games
Generic placeholder image

Jul
11

ගයාන්ගෙන් රසිකයින්ට අපූරු උපදෙසක්

300 Views


ගයාන්ගෙන් රසිකයින්ට අපූරු උපදෙසක්

නුවන් ගුණවර්ධනගේ පුතු ගයාන් ගුණවර්ධන පියා මෙන්ම සංගීත ලොවේ තමන්ට ආවේණික වුු අනන්‍යතාවයක් ගොඩනගා ගෙන අවසන්.

ගායනයට පමණක් නොවෙයි රංගනය වගේම නිවේදනයටත් එක වගේම දක්ෂ මොහු සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රියයි.

ගයාන් පසුගියදා සමාජ මාධ්‍යයේ අපූරු සටහනක් තබා තිබුණා. ඒ රසික රසිකාවියන්ට උපදෙසක්.

එය පහතින් බලන්න,

මිනිස්සු අපි නැති තැන අපි ගැන අනිවාර්යෙන් කතා කරනවා !
සමහර මිනිස්සු මූණට හොඳ කියල නැති තැන ඔයා ගැන වැරදි කියයි …
සමහර මිනිස්සු මූණට එච්චර හොඳක් නොපෙන්නලා ඔයා නැති තැන ඔයාව අගය කරයි …
තවත් සමහර මිනිස්සු ඔයා ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව ඔයා ගැන එක එක අමුතු කතා හදලා ඔයාව ලොකු මාතෘකාවක් කරයි ඔයා නැති තැන් වල….
දන්නවද ඒ තමයි මිනිස්සු..
සමාජයක ජීවත් වෙනවා කියන්නෙම ඔයාට හීනෙකින්වත් හිතාගන්න බැරි විදිහේ එක එක ජාතියෙ මිනිස්සුත් එක්ක ඉන්න වෙනවා කියන එක…
ඉතින් ඒ මිනිස්සු නිසා එක අඩියක්වත් පිටිපස්සට තියන්න එපා !
දැනගෙන ජීවත් වෙන්න ! 


News Articles
Latest Videos
Most Popular Post