News Line| Off Air| Games
Generic placeholder image

Jul
22

ගෙවත්තේ දිව්‍යමය ඔසුවක් වන හාතාවාරිය

547 Views


ගෙවත්තේ දිව්‍යමය ඔසුවක් වන හාතාවාරිය

ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේ විශේෂයෙන් දක්නට ලැබෙන ‌හාතාවාරිය ශාකය කදුකරයේද දක්නට ලැබෙනවා. ගෙවතු අලංකරණය සදහාද එක් කර ගත්තද බොහෝදෙනා එහි ගුණ පිළිබදව නම් එතරම් දැනුවත් නෑ.

හාතාවාරිය ගාකය කොළකැඳ සෑදීම සදහා වගේම අල සහ පත්‍ර ඖෂධ සෑදීම සදහා ප්‍රධාන වශයෙන් භාවිතා කරයි. පවුලේ සැමට දිව ඔසුවක් වන මෙය කාන්තාවන් සඳහාම මිහිතලයේ රෝපණය වූ ශාකයකි. ඉන්දියාවේ මෙය කාන්තාවන්ට සැමියන් සය දෙනෙකු හා සමාන කරයි. උපතේ සිට මරණය දක්වාම ජීවත්වීමට හාතාවාරියා ශාකයම උපකාරීවේ.

ආයුර්වේදයට අනුව හාතාවාරිය අපේ සිරුරේ බොහෝ පද්ධතීන් හොදින් ක්‍රියාත්මක වීමට හා පෝෂණය කිරීමට උපකාරී වෙනවා.

  • කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතිය හොදින් ක්‍රියාත්මක වීමට.
  • කිරිදෙන මව්වරුන්ගේ කිරි නිශ්පාදනය වැඩි කිරීමට
  • කාන්තා හෝමෝන සමතුලිත කිරීමට
  • පිරිමි ප්‍රජනක පද්ධතිය හොදින් ක්‍රියා කිරීමට
  • ජීර්ණ පද්ධතිය නීරෝගීව පවත්වා ගැනීමට
  • ස්වසන පද්ධතියේ තෙතමනය රැක ගැනීම
  • ශරීර ශක්තිය හොඳින් පවත්වාගෙන යාමට
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට
  • ප්‍රතිඔක්සිකාරක පිළිකා ආදී බෝ නොවන රෝගවලින් සිරුර ආරක්ෂා කර ගැනීමට

ආයුර්වේදයට අනුව මෙය පිත හා වාත සමනය කරයි. එහෙත් සෙම අධික නම් සෙම් ගුණය වැඩි වන නිසා පරිභෝජනය කළ යුත්තේ අඩුවෙනි. හාතාවාරිය ශාකයේ අල කුඩු කර උණූසුම් කිරි හෝ මී පැණි උක් හකුරු සමග මිශ්‍ර කර තේ හැදි කාලක් ලබා ගැනීමෙන් අත්කරගත හැකි ප්‍රතිලාභ ‌බොහෝය‍.

හාතාවාරිය පවුලේ ඔසුවකි. එය පිරිමින්ගේද ප්‍රජනක පද්ධතිය සවිමත් කර ශුක්‍රානුවල නීරෝගී බව වැඩි කරයි. ලිංගික බෙලහීනතාවය ඇති පුද්ගලයින්ටද මෙය ගුණදායකය. පිරිමි ප්‍රජනක පද්ධතියේ ප්‍රදාහයන් වළකයි.

මෙය මිනිස් මොළයේ සුවතාවයද රකින්නේ ස්නායු පද්ධතියද සුවපත් කරමිනි. එමෙන්ම වියළි,දරුණු කැස්ස ඇතිවන විට පෙනහළුවල තෙතෙමනය නැවත ලබා දීමටද හැකිවේ.

ඩයරියා තත්ත්වය පවතිද්දී විජලනය වැනි අතුරු ආබාධ වැළැක්වීමට හාතාවාරිය යොදා ගනී. ආමාශදාහයේ මෙන්ම ආමාශයේ පිළිකා තත්ත්වයන් සඳහාද මෙය කදිම ඔසුවකි.

හාතාවාරිය මුල් කෑමෙන් මුත්‍රා ගල් සෑදීමට ඇති ඉඩකඩ අවම වේ. රුධිරයේ සීනි මට්ටමද අඩු කරන ඔසුවකි.

සමේ තරුණ බව රැක ගැනීම සඳහා අවශ්‍ය වන කොලැජන් රැකගැනීමට හාතාවාරිය සමත් වේ. මෙය ‌සමේ ඇති කොලැජන් තට්ටුව රැක ගැනීමට අවශ්‍ය වන විටමින් සංයෝගවලින් පොහොසත් ශාකයකි. විශාදය වැනි මානසික ‌තත්ත්වයන් වලින් පෙළෙන රෝගීන්ට මෙය දිව ඔසුවක් වන අතර බටහිර රටවලද මෙය ‌ඖෂධයක් ලෙස භාවිතා කරයි.

රැව රැක ගැනීමට

හාතාවාරිය කුඩු මේස හැඳි 1ක්, වදමල් කුඩු මේස හැඳි 1ක් හා රෝස වතුර මේස හැඳි 1ක් මී පැණි මිශ්‍ර කර මුහුණේ ගල්වා මිනිත්තු 15ක් තිබෙන්නට හැර සෝදා ගැනීම මගින් සමේ තරුණ බව රැක ගැනීමට හැකි වෙනවා.

සමේ බාහිර ආලේපනවලින් ඇතිවන ආසාදන මගහැර නීරෝගී සමක් සඳහා අවශ්‍ය කොලැජන් නිපදවීමට හැකි මෙය ඔබේ ‌ගෙවත්තේ ඇති දිව්‍යමය ඖෂධයකි.


News Articles
Latest Videos
Most Popular Post