News Line| Off Air| Games
Generic placeholder image

Oct
3

ගෝඨාභයගේ පුරවැසි භාවය පිළිබඳ පෙත්සම අද යළි විභාගයට

377 Views


ගෝඨාභයගේ පුරවැසි භාවය පිළිබඳ පෙත්සම අද යළි විභාගයට

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අද යළි කැදවීමට නියමිතයි.
ඒ යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය හා සම්බන්ධ අයදුම්පත් හා ලිපි ලේඛන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බව ඊයේ එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
එම ලියකියවිලි නොමැතිව මෙම නඩු විභාගය පවත්වාගෙන යාමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් වන බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සදහන් කලේ.
මෙම නඩුවට පාදක වන කරුණ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බව මූලික විරෝධතා මතු කරමින් ඔහු කියා සිටියා.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නේ යම් හෙයකින් එහිදී තම සේවාදායකයා නිදොස් බවට තීරණයක් පැමිණියහොත් මෙම පෙත්සමට පාදක වන කරුණු පදනම් විරහිත වනු ඇති බවයි.
වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන මෙම විරෝධතාව පිළිබඳව ඉදිරියේ දී කරුණු සලකා බලන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප‍්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බලරහිත ලියවිල්ලක් බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි භාවය පිළිබඳව සහතිකය නිකුත් කර තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නොව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත් එය නීති විරෝධී ක‍්‍රියාවක් බවත් ඔහු ප‍්‍රකාශ කලා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මේ අතර සිය විදේශ ගමන් බලපත‍්‍රය මුදාහරින ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීම පිළිබඳව නීතිපතිවරයා විසින් කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද කරුණු දැක්වීමට නියමිතයි.
නීතිපතිවරයාගේ ස්ථාවරය දන්වන ලෙස ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කල දැනුම්දීමට අනුව නීතිපතිවරයා අද කරුණු දක්වනු ඇතී.


News Articles
Latest Videos
Most Popular Post